Friday, July 13, 2012

Per - ‍ෆියුම්

 Per - ‍ෆියුම්

මට මේක ලියන්න හිතුනේ අද උදේ පත්තරේක තිබුනු දෙයක් දැකලා...
අපි කවුරුත් පත්තරයක් ගත්ත ගමන් කරන්නේ ලොකු පත්තර පි‍ටු පැත්තකට දාලා  "මීවිත, රසදුන, නැත්නම් සදැල්ල වගේ රහක් තියෙන පත්තර කෑල්ල බලන එකනේ....
ඔන්න අද උදේ මටත් කම්මැලිකමට ගියසතියේ ඉරිදා පත්තරේක පොඩි කෑල්ලක් හම්බවුනා..
කරන්න වැඩක් තිබුනෙත් නැති නිසා කියවන්න ගත්තා..

එක පි‍ටුවක තිබුනු දෙයක් දිහා හිත ඇදිලා ගියා ඉබේටම....

ඒක  තමයි මේක...







 Hot Water... ඒ කියන්නේ උණු වතුර.. ( හිකිස්...)

මේකත් එක්ක පොඩි විස්තරයකුත් තිබුනා ..

"දීර්ඝ කාලයක් සුවද විහිදුවන මෙය කාන්තාවන්ගේ ආකර්ශනය ලබාගත හැකි සුවදකින් යුතුය.  සැදෑ සාදයකට යාමේදී පාවිච්චි කිරීමට වඩා සුදුසුය.     DAVIDOFF  නම් වෙළද නාමයෙන් නිපදවන මෙය ඩොලර් 75කට මිලදීගත හැකිය."

ඩොලර් 75ක් !!!!!

ඒ කියන්නේ මේ දවස්වල හැටියටනම් රුපියල්  10500ක්.
 75 x 140 = 10500/=

බුදු අම්මෝ ඒක දැක්කා විතරයි... මගේ ඇගෙන් දාඩිය දාන්න පටන්ගත්තා..
ඇස් දෙකත් දෙපැත්තට ගියා මෙන්න මේ වගේ...





තව ඔලුව වටේ කුරුල්ලොත් ඉගිලෙනවා වගේ දැනුන නිසා ඉක්මනට කුස්සියට පැනලා වතුර ජෝගුවක් බීලා ඉතුරු ටික ඔලුවට හලා ගත්තා...
යකෝ උදේට ගහලා.. හවස් වෙනකොට දාඩියත් එක්ක එකතුවෙලා මස්තබාල්දු ගදක් එන සෙන්ට් එකකට මෙච්චර වියදම් කරන්න පුලුවන්ද??
අනේ මන්දා...   මමනම් ගහන්නේ මොරබිටෝ...
ගානත් අඩුයි. රුපියල් 350. මිලිලීටර් 500ක්ම තියෙනවා. සුවඳත්  හොඳයි...  ගානත් අඩුයි.. වැඩෙත් ගොඩයි.. මොකදකියන්නේ.. පාඩු නෑනේ...