ලඟින් හිඳ නුඹ පිදුව සෙනෙහස
කොපමණක්දැයි සිතාපන්...
මංමුලාවී නොදැන නුඹ යන
ඉසව් කොහිදැයි කියාපන්...
ක්ෂිතිජ ඉම මා දමා යන්නට
මගේ වැරදිම සොයාපන්...
පපුතුරේ ඇති මගේ සෙනෙහස
නොදැනෙනා බව කියාපන්.
-ටින්ඩිගේ සිතුවිලි.
බැටින්ග් පිච් එකක් හදල
බවුන්ඩ්‍රිය ලං කරල
උඹ ලස්සනට හයේ හතරේ ඒව ගහනකල්
බලන් ඉන්න ග්‍රවුන්ඩ් බෝයි .... මම.
😐😐😐
-ටින්ඩිගේ සිතුවිලි.
*කඩුපුල් මල*
විටෙක හිනැහී
විටෙක නැලැවී
පාන මුත් ඉඟි බිඟි අගේ...
විටෙක ගොලුවී
විටෙක රුදුවී
රිදෙව්වත් සිතුවිලි මගේ...
නොඑමියැයි දිවුරමින් කීවද
හදවතට යලි පෙර වගේ...
අරුනැල්ලට පෙර මිලිනවී යන
නුඹයි කඩුපුල් මල මගේ...
-Tindy ගේ සිතුවිලි.