Wednesday, December 28, 2022

බෝඩිමේ ජීවිතේ

හාල් පොල් ටික ඇරන් එනකොට

මගදි කැඩුනා සයිකලේ 

තල්ලු කරගෙන ගියා දුර මං 

බාස් නෑ බං විංකලේ


තුණ්ඩු නැත්නම් බෙහෙත් දෙන්නෑ

නඩු වැටේවිලු ඔසු හලේ

ගෑස් ඉවරයි කරන්ට් කපලා

අදත් මම බං හාමතේ


බල්ලො කාලා බාටා දෙක මගෙ 

සපත්තුවකුත් නෑ වගේ

සබං නැත්තං නිකන් නානව

එහෙම අවුලක් නෑ වගේ


කට්ට කාගෙන ඔහේ හිටියත්

නාඩි වැටෙනව පපුතුරේ

කොහොම කෙරුවත් වැඩක් නෑ බං

මේ තමයි "බෝඩිමෙ ජීවිතේ"

- tindy ගේ සිතුවිලි.

Sunday, October 23, 2022

වැස්ස සීතල සහ කෝපි.

 

උණු දිය භාගයයි

සීනි හැඳි දෙක හමාරයි

දියකරපන් ආදරෙන්...

ඒක තමයි පදම.




-tindy ගේ සිතුවිලි.