Thursday, March 9, 2023

 


තරු පිරුණු අහස යට බලා හිඳිමි
එකම එක තරුවක් දෙස 

හැඳින්නොත්...

තරුව පවසාවි 
ඇයට 
මාවතට වඩා 
ලඟ බව
අහස්දුර.





Wednesday, December 28, 2022

බෝඩිමේ ජීවිතේ

හාල් පොල් ටික ඇරන් එනකොට

මගදි කැඩුනා සයිකලේ 

තල්ලු කරගෙන ගියා දුර මං 

බාස් නෑ බං විංකලේ


තුණ්ඩු නැත්නම් බෙහෙත් දෙන්නෑ

නඩු වැටේවිලු ඔසු හලේ

ගෑස් ඉවරයි කරන්ට් කපලා

අදත් මම බං හාමතේ


බල්ලො කාලා බාටා දෙක මගෙ 

සපත්තුවකුත් නෑ වගේ

සබං නැත්තං නිකන් නානව

එහෙම අවුලක් නෑ වගේ


කට්ට කාගෙන ඔහේ හිටියත්

නාඩි වැටෙනව පපුතුරේ

කොහොම කෙරුවත් වැඩක් නෑ බං

මේ තමයි "බෝඩිමෙ ජීවිතේ"

- tindy ගේ සිතුවිලි.

Sunday, October 23, 2022

වැස්ස සීතල සහ කෝපි.

 

උණු දිය භාගයයි

සීනි හැඳි දෙක හමාරයි

දියකරපන් ආදරෙන්...

ඒක තමයි පදම.




-tindy ගේ සිතුවිලි.

Saturday, July 31, 2021

 

ලඟින් හිඳ නුඹ පිදුව සෙනෙහස 

කොපමණක්දැයි සිතාපන්...

මංමුලාවී නොදැන නුඹ යන

ඉසව් කොහිදැයි කියාපන්...

ක්ෂිතිජ ඉම මා දමා යන්නට

මගේ වැරදිම සොයාපන්...

පපුතුරේ ඇති මගේ සෙනෙහස

නොදැනෙනා බව කියාපන්.


-ටින්ඩිගේ සිතුවිලි.






Tuesday, July 13, 2021

ග්‍රවුන්ඩ් බෝයි

බැටින්ග් පිච් එකක් හදල

බවුන්ඩ්‍රිය ලං කරල

උඹ ලස්සනට හයේ හතරේ ඒව ගහනකල් 

බලන් ඉන්න ග්‍රවුන්ඩ් බෝයි .... මම.

😐😐😐


-ටින්ඩිගේ සිතුවිලි.


Monday, July 12, 2021

ක්වීන්...

පෝන් ට පුලුවන් 

ක්වීන් කෙනෙක් වෙන්න 

ඒත්....

කවදාවත් බෑ 

කින්ග් වෙන්න.


-ටින්ඩිගේ සිතුවිලි.




Thursday, May 6, 2021

කඩුපුල් මල

 *කඩුපුල් මල*


විටෙක හිනැහී 

විටෙක නැලැවී

පාන මුත් ඉඟි බිඟි අගේ...


විටෙක ගොලුවී 

විටෙක රුදුවී

රිදෙව්වත්  සිතුවිලි මගේ...


නොඑමියැයි දිවුරමින් කීවද

හදවතට යලි පෙර වගේ...


අරුනැල්ලට පෙර මිලිනවී යන

නුඹයි කඩුපුල් මල මගේ...


-Tindy ගේ සිතුවිලි.