වැරදි ඇතොත් සමාවෙනවා හොදා..
ඉතින් දැන් කතාව කියන්නම්කෝ
මේ වෙසක් එකට ඒ කියන්නේ 2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තියට පිලිවෙතින් පෙලගැහිච්ච අපේ ඔපීසියේ බඩ මහත අය,තට්ටේ තියන අය, කොන්ඩේ පැහිච්ච අය.. තව මෙකී නොකී ලොකු ලොකු අය එකතු වෙලා තර්ක විතර්ක දාලා වෙසක් කූඩු තරගයක් පවත්වන්න තීරණයකලා..
කොහෙද දන්නවද?? තන්තිරිමලේ... (දැන් ඉතින් පලයන්කෝ තන්තිරිමලේ. වෙසක් එකට දාගෙන තිබුනු ප්ලෑන් ඔක්කොම ඉවරයි..)
ඉතින් 4 වෙනිදා උදෙන්ම අපි ගමන පිටත්වුනා.. කොළබින්..
ආ... කියන්න බැරි උනානේ යන්න කලින් අපේ මීඩියා රූම් එකේ වෙසක් කූඩුවකුත් එල්ලලා තමයි ගමන පිටත්වුනේ.. ඔය පහලින් තියෙන්නේ ඒක තමයි.. ඒක හැදුවේනම් මමම තමයි ඕන්... වැඩි වෙලා ගියේ නෑ.. බීම බට පැකට් 2ක්, ඉටි පන්දමක්, සව්කොල 12ක්, ආ.. තව ගිනිපෙට්ටියක්, කතුරක් සමග දවස් දෙකයි ගියේ වැඩේ ඉවර කරන්න.
අපි කෙලින්ම ගියේ අනුරාධපුර අපේ සන්චාරක බන්ගලාවට
යන අතරේ ගත්ත පින්තූර ටිකකුත් දාන්නන් කියවන්නගේ හිත සුවපිණිස.
මේ රුවන්වැලිසෑය..
පලවෙනි දවසේ සන්චාරක බන්ගලාවේ නැවතුන අපි දෙවනි දවසේ උදෙන්ම තන්තිරිමලය බලා පිටත්වුනා..
අප්පද බොල.. පට්ට පට පට... මාරම මාරයි..
මගේ ජීවිතේට දැක්ක ලස්සනම විහාරය මේක තමයි... ඔයාලත් මෙ පින්තුරේ බලලම තීරණය කරන්න.
කොහොම හරි හවස්වෙනකොට වෙසක් කූඩු තරගය පටන් ගත්තා..
අර මුලින් කියපු බඩ මහත අය,තට්ටේ තියන අය, කොන්ඩේ පැහිච්ච අය එකතු වෙලා මොකක්ද මන්දා කුඩුවක් තෝරලා ....
මටනම් ඒ එකක්වත් හරිගියේ නෑ.. මෙන්න මේක විතරයි මගේ හිතට වැදිච්ච එකම කූඩුව.. හදලා තියෙන්නේ සිවිල් ආරක්ශක බලකායෙන්ලු...
ලස්සනයි නේ???
ඔන්න ඉතින් වෙසක් කූඩු තරගය ඉවර වෙලා පහුවදා අපහු එන්න පිටත් උනා...
අපේ ලොකු මහත්තයා ( සහකාර ලේකම් තුමා ) ෆුට් සයිකලයෙන් වැඩපාරක් දාන්නත් අමතක කලේ නෑ...
එනකොට පොලීසියේ රාලහාමි කෙනෙක් දොඩම් වීදුරුවකිනුත් පොඩි සන්ග්රහයක් කලා.
මේ තමයි අපිත් එක්ක මේ ගමනට එකතුවෙච්ච එකම ගෑනු පරානය.. සහ එතුමියගේ ආදරබර සැමියා.
මේ දෙන්නට කොච්චර උනද කියනවනම්.. කම්මැලිකමට ටැටූ එකකුත් ගහගෙන කාබන් පෑනෙන්..
ඉතින් කොහොමහරි ඒවා මේවා බල බලා ගෙදර එනකොට රෑ 11යි.
අම්මට සිරි... මම ගෙදර එනකොට අපේ අප්පොච්චා මම ඔපීසියේ හදපු ජාතියෙන්ම කූඩුවක් හදලා අපේ ගේ ඉස්සරහා ගහක එල්ලලා... මට මාර ප්රීතී... මාර හැපී...
ප්රීති වෙසක්!!! ප්රීති වෙසක්!!!
ජය වේවා..... නැවත හමුවෙමු. -ටින්ඩි.
Who is this tindy? Anyway nice work.
ReplyDelete@ Kalana - ආ... ලොකු උන්නැහේ.. ඉස්තූතී...
ReplyDelete