Thursday, October 29, 2015
මෝඩයා.
පසුගිය වර්ෂයේ දිනෙක මා පුරාවිද්්‍යා පශ්චාත් උපාධි ආයතනයට ගොඩ වැදුනේ එහි අධ්්‍යක්ෂ මහ ඇදුරු ජගත් වීරසිංහ මහතා මුණගැසීමටය..
අමාත්්‍යොශය විසින් වාර්ශිකව සංවිධානය කරන උරුම ප්‍රසාද ප්‍රණාම වැඩසටහනට අදාල සලරූ ආකෘතිය නිර්මාණය කිරීම මාහට පැවරී තිබුණි.
අයියෙ ප්‍රොෆෙසර් ජගත් සර් කොතනද ඉන්නෙ?
- ඔය පඩිපෙලෙන් උඩට නැගලා වමට හැරෙන්න.
කැමරාවත් රැගෙන අපහසුවෙන් තරප්පුපෙල නැගගත් මා ඔහුගේ කාමරය කොහිදැයි විපරම් කරන්නට වීමි.
ඇයි? පැරණි දැවමය මේසයක් අසල හිද මා දෙස බලාසිටින පුද්ගලයාගේ හැඩ රුව හුරුපුරුදුය. ම්ම්ම්... ප්‍රොෆෙසර් කුලතුංග.
සර්.. ජගත් සර්ගෙන් වොයිස් කට් එකක් ගන්න ආවේ.. සර් ඉන්නවද?
එසැණින් චිරි බිරිහඩ නිකුත්කරමින් විවුර්ත වූ සුදු ලැකර් ආලේපිත දොරෙන් එලියට ආවේ ඔහු විය යුතුය. මුහුණ පුරා වැවුනු රැවුලත් රවුම් හැඩැති උපැස් යුවලත් මහාචාර්යය වරයෙකුගේ භූමිකාවට මනා පිටිවහලකි.
සුදු පැහැති අත් දිග කමිසය කොට්න් වර්ගයේ එකකි. ජේත්තුකාරයෙක්!
ඔව් මොකද? මදක් ගෙවුණු දිග දත් වහල්ල දුර්වර්ණ වී ඇත්තේ දුම් පානය නිසා විය යුතුය.
- සර් මේ... සර්ගෙන් වොයිස් කට් එකක් ගන්න ආවේ.. මම අවැසි දෑ පැහැදිලි කලෙමි.
දැන් මම මොනවද කියන්න ඕනැ.
සර්... ලක්දුසිංහ මහත්මයාගෙන් මේ විෂයට වුන සේවය ගැන...
ටිකක් හිටපන් මම කතාව හදාගන්නකල්..
කැමරාව බෑගයෙන් පිටතට ගත් මා එය ස්ථාන ගත කිරීමට සුදුසු තැනක් සෙවුවෙමි. ෂර්ට් එකත් සුදුනිසා..... බිත්තියට තියන්නත් බෑ... ම්ම්ම්.... පරණ දොර ලගින් වාඩි කෙරෙවුවොත් අවුල්ද... ම්ම්ම්......
ඒයි. මෙතෙක් වේලා වමතෙහි මැදගිල්ලෙන් ඔලුව කසමින් සීලිම දිහ බලා සිටි මහැදුරු තුමා එක් වරම මා දෙස හැරී බැලුවේය.
මට කියපන්.. නිසග කියන වචනයේ තේරුම..
- ම්ම්ම්.. දන්නෑ සර්...
මෝඩයා.
මචන් කුලේ මොකක්ද බං නිසග කියන වචනේ තේරුම. !!!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment